Sunday, October 20, 2013

98. පොරොන්දුව Licked!


මේ ඔබ මේ බ්ලොග් අඩවියෙන් කියවන තුන්වෙනි පෝල් ජෙනිංස් කතාව. 

මතක ඇති ඔබට

හොර ඇල්ලීම Exposer

එතකොට...


ඈක්කා!!!!!!! A Mouthful!
 

ඒ එක්කම, ඔබ 'ඈක්කා!!!!!!!' කතාව කියවලා අප්පිරියා හිතුන කෙනෙක් නම්, කරුණාකරලා, මේ කතාව කියවන එක මෙතනින්ම නවත්තන්න. ඒක මතක නැතිනම්, ගිහින් කියවලාම එන්න. ඒ කොහොම වෙතත් ඔබ මේ කතාව කෑම කන ගමන් කියවීම නම් මම අනුමත කරන්නෙම නැති බව කියන්නම ඕනෙ.

 ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙

පොරොන්දුව - Licked!


හෙට ඩැඩීගේ කේන්තිය ටිකාක්  නිවුනාම මම ඇත්තම කියන්නයි ඉන්නේ. එයා  මුලින්ම හිනාවෙයි. ඊට පස්සෙ අඬයි. ඊට පස්සෙ මගේ බෙල්ලත් මිරිකයි. ඒත් කමක්  නෑ. එයා මේ විඳින විඳවිල්ලෙන් එයාව මුදවන්නම ඕනෙ.

Thursday, October 17, 2013

97. දකුණු කකුලෙ ගෙඩිය නැව් භාෂාවෙන්

Drawn with mouse on MS Paint again
because Prasanna asked where
the other shoe is. :D

මට හිතෙන හැටි බ්ලොග් අඩවියේ පළ වෙච්ච මේ කතාව මට මේ හදිස්සියෙම මතක් වෙන්න හේතුව, මේ කතා නායකයා වන මගේ මචං කාරයා අද හවස දුරකථනෙන් කතාකල නිසයි. 

ඔන්න කියන්න ගිය කතාව ඒ ආකාරයෙන්ම, ඇති සැටියෙන්ම.

කුරුළු හමුදාවෙ තදයෙක් වන මගෙ මචං කාරයා අජ්ජා, කුරුල්ලෙක් වෙන්න කලින් නැවක වැඩ කලා. මේක ඒ කාලෙ වෙච්ච සීන් කෝන් එකක්.

Wednesday, October 9, 2013

96.◘කො◘ටු◘කො‍◘ටු◘ කතාවක්. Magic Label Old Arrack & Everlasting Cigarette.

මේකට දාන්න අඳින්නේ මොනවගේ චිත්‍රයක්ද
කියලා තවමත් කල්පනා කරන ඩූඩ්ගේ චිත්‍රයක්. :D

◘කො◘ටු◘කො‍◘ටු◘ කතාවක්.

Magic Label Old Arrack &
Everlasting Cigarette


අවවාදයයි: මෙම ලිපියේ නිකොටීන්, කාබන් මොනොක්සයිඩ්, ඇල්කොහොල් සහ තාර අඩංගු වේ. ප්‍රවේශමෙන් කියවන්න.

"ස්ලා○○○○○○○○○○○○○○○!!!!"

යකඩ වියල් ඇඳේ ඉඳගෙන, මහන මැෂිමේ ලෑල්ල උඩ  එලාගෙන, ටින් ටින් පොතක්කියවමින් ඉන්න මම ඔලුව උස්සලා බලනවා. ඒ එක්කම අම්මා දොරෙන් මතු වෙනවා. තාත්තා කාමරේ දොර ලඟම ගහලා තියෙන බෝල කූඩුව ගාවා හිටගෙන ඉන්නේ, මොන ජාතියෙද කියලා හිතාගන්න අමාරු හිනාවක් මූණෙ රඳවගෙන. තාත්තගේ පාමුල සී-සී කඩ වෙච්ච පිඟානක්. සමහර පිඟන් ක‍ටු ජනේලෙ ලඟ ඉන්න මා ලඟටත් වීසි වෙලා.

Sunday, October 6, 2013

95. හොරි බනිස්



කොට අදින ඉස්කෝලෙ වැඩ කරන කාලෙ, ගමයයි මායි යනවා පාරෙන් එහා පැත්තෙ තියෙන බේකරි කඩේට (Bakery Shop), තේ එකක් බීලා, දුමක් හෙම ඇදලා එන්න. මේක බේකරි කඩයක් නිසා උණු උණු බේකරි නිශ්පාදන හුඟක් වෙලාවට තිබ්බා. අපේ ප්‍රියතම කෑමක් තමයි හොරි බනිස්. මේක ගමයයි මායි මේ බනිස් ජාතියට දාලා තිබ්බ නම. රසයෙන් උපරිම උනාට මේකෙ උඩ පැත්තෙ තිබ්බෙ බිබිලි බිබිලි දාපු හොරි වගෙ අමුතු ටෙක්ස්චර් එකක්. මේක අපි කවදාවත් කඩේ එවුන්ට ඇහෙන්න කියන්නෙ නෑ.